චින්තන විදානගේ ගේ බොඳ වුනු අපේක්ෂාව
බර ඉසිලීම, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව විශේෂ බලාපොරොත්තු තබා තිබුණු ඉසව්වුවක්.
විශේෂයෙන්ම 2010 දී ඉන්දියාවේ දිල්ලි නුවර පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලේ පදක්කම් ලාභියකු වන චින්තන ගීතාල් විදානගේ කෙරෙහි ග්ලාස්ගෝ උළෙලේදී ශ්‍රී ලංකාව ප්‍රබල බලාපොරොත්තු තබා සිටියේය.
තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනා මත පසුව තරඟ තහනමකට ලක් වූ ඔහු, <link type="page"><caption> තහනමෙන් අනතුරුව</caption><url href="http://www.bbc.co.uk/sinhala/news/story/2011/06/110605_chintana_drugs.shtml" platform="highweb"/></link> මෑතදී යළිත් තරඟ බිමට එක්විය.
එහෙත් සෙනසුරාදා රාත්‍රියේ පැවති මූලික වටයේදීම පරාජය වූ ශ්‍රී ලංකා බර ඉසිලීමේ ශූරයාට තරඟාවලියෙන් ඉවත්ව යාමට සිදු විය.
සිය පරාජය පිළිබඳව සංදේශයට අදහස් දක්වන චින්තන විදානගේ මේ.