ගැටුම්වලට හේතුව 'නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම'
'ඒකාධිපති මහින්ද රාජපක්ෂ රජය' යටතේ රටේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොවීම ජාතීන් සහ ආගම් අතර ප්‍රශ්න ඇතිවීමට හේතු වී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේ, උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන යහපාලනය ගොඩ නැගීම සඳහා වන ජාතික ව්‍යාපාරය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍යවලට අදහස් දක්වමින්.
"නීතියේ ආරක්ෂාව සියළු දෙනාට දෙන්න, කතාකිරීමේ එකතුවීමේ නිදහස සියලු දෙනාට දෙන්න, ආගම් ඇදහීමේ අයිතිය හැම කෙනාටම දෙන්න 78 ව්‍යවස්ථාවෙන් එකඟ වෙලා තියෙනවා. මේ කරුණු ක්‍රියාත්මක වෙනවා නම්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වේවා ඒ අයිතිවාසිකම් තියෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.

"සුළු ජාතීන් කියල විශේෂ අයිතිවාසිකම් ඉල්ලන්න වුවමනා නැහැ. අවාසනාවකට රාජපක්ෂ රෙජීමය යටතේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ."
සිංහල කාන්තාව
කුමන හෝ මොහොතක තමන්ට කුමක් හෝ විශාල අනතුරක්, අසාධාරණයක් සිදුවේ යයි බියෙන් ජීවත්වීමට සුළු ජාතීන්ට සිදු වී තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා, බහුතරයක් සිංහල ජාතිකයන්ටද එවැනි බියක් දැන් ඇතිවී තිබෙන බව පැවසීය.
"සිංහල කාන්තාවක් වන අග්‍ර විනිශ්චයකාරවරිය නීතියේ ආරක්ෂාවක් නැතිව ඉවත් කළා නම් සිය ජාතිකයන්ට නීතියේ ආරක්ෂාව ලැබේවිද කියල මුස්ලිම් හා ද්‍රවිඩ ජාතිකයන් සිතීම පුදුමයක් නෙමෙයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP Getty Images
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අධ්‍යාපන අයිතීන් ඉල්ලා කරන උද්ඝෝෂණ වැළැක්වීමට කටයුතු කළත් ජාතිවාදය අවුලමින් යන පෙළපාලි නතර කිරීමට පොලිසිය කටයුතු නොකරන බවද විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පැවසීය.
"මහ ජාතිය, සුළු ජාතිය විදියට පුරවැසියන් දෙස නොබලා සියලු දෙනාට එක සමානව සලකන ක්‍රමයක් ඇති කිරීමට නම් රටේ නීතියේ ආධිපත්‍යය යළි තහවුරු කළ යුතුයි. ඒක රාජපක්ෂ රෙජීමයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ."
මැතිවරණයක් පැවැත්වෙන විට ඊට අදාල ප්‍රදේශයේ නිලධාරීන් මාරු කර යැවීම නීත්‍යානුකූල නොවන නමුත් ඌව මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා මාරු කර යවා ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.