මුස්ලිම් හිංසනයට එරෙහිව රට පුරා හර්තාල්
අලුත්ගම හා බේරුවල ඇතිවූ සිද්ධීන් වලට විරෝධය පල කරමින් අද බ්‍රහස්පතින්දා රට පුරා ප්‍රදේශ කීපයක පැවති විරෝධතාවලට සමගාමිව මීගමුවේදී හා හලවතද හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වුණි.
ඉතා සාමකාමිව මේ විරෝධතා පැවති බවයි ප්‍රසාද් පුර්නමාල් ජයමාන්න වාර්තා කරන්නේ .
හලාවතදී පැවති හර්තාල් ව්‍යාපාරය සාර්ථක බව හලාවත වෙළද ව්‍යාපාරික මොහොමඩ් නවාස් පැවසිය.
හලාවත වෙළද සැල් වසා දැමීම හේතුවෙන් වෙළදසැල් වෙත පැමිණි පාරිභෝගිකයනට හිස් අතින් ආපසු හැරි යාමට සිදු වූ බව ප්‍රසාද් පූර්ණමාල් වාර්තා කරයි.
මීගමුවේද හර්තාල් ව්‍යාපාරයක් වූ අතර වෙළදසැල් වසා දමා කළු කොඩි ඔසවා තිබිණි.
වසා දමා තිබු වෙළදසැල්වල පතිකාවක් අලවා තිබු අතර ඒවායේ සදහන් වුයේ 'ආගමික සමගිය ආරක්ෂා කරමු ,එකම රටක් එකම ජාතියක් ,අලුත්ගම ප්‍රහාරය හෙළ දකිමු' ආදී ප්‍රකාශයි
මිගමුව නගරයේ පොලිස් ආරක්ෂාවද තර කර තිබිණි .
රටපුරා විරෝධතා
මුස්ලිම් වැසියන්ට සිදු වූ හිංසාකාරී තත්ත්වයට විරෝධය දැක්වීම පිණිස දිවයිනේ ප්‍රදේශ කීපයක බ්‍රහස්පතින්දා හර්තාල් ව්‍යාපාර දියත් කර තිබුණි .
අලුත්ගම දර්ගා නගරය, කොළඹ, ගාල්ල, වවුනියාව, පුත්තලම සහ වව්නියාව යන ප්‍රදේශ වල හර්තාල් ව්‍යාපාර දියත් කොට තිබීම හේතුවෙන් මුස්ලිම් වෙළෙඳ සැල් වසා දමා ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ කොළඹ ඇතුළුව බස්නාහිර පළාතේ ස්ථාන කීපයක දියත් කළ හර්තාලය සාර්ථක වූ බවයි.
වවුනියවේ හර්තාලයට මුස්ලිම් වැසියන් මෙන් ම දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයින් කීප දෙනෙකුගේ ද සහාය ලැබුණු බව වවුනියාව ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මෞලවි මොහොමඩ් නාජිත් පැවසීය.
බීබීසී වාර්තා කරු දිනසේන රතුගමගේ සංදේශයට කියා සිටියේ, හර්තාල් ව්‍යාපාරය ඉතා සාමකාමී අන්දමට පැවැති හෙයින් එම ප්‍රදේශ වල වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බාධාවක් එල්ල වී නොතිබුණු බවත් නගර ආශ්‍රිතව විශේෂ පොලිස් බල ඇණි යොදවා ආරක්ෂාව දැඩි කොට තිබෙන අයුරු දක්නට ලැබුණ බවයි.