තීරණාත්මක මැයි රැළියක් - අනුර කුමාර
රාජපක්ෂ පාලනය මගින් දියත් කර ඇති මර්දනය සහ සුරාකෑම පරාජය කිරීම වර්තමානයේ කම්කරු පන්තිය හමුවේ ඇති ප්‍රබල අභියෝගය බව ජනතා විමුක්ති පෙරමුණ මැයි දින පෙළපාලිය පවත්වමින් අවධාරණය කරයි.
එම පෙරමුණේ මැයි පෙළපාලිය ආරම්භ වූයේ දෙහිවල පිහිටි එස්.ද.එස් ජයසිංහ ක්‍රීඩා පිටියෙනි.
රතු පැහැයෙන් සැරසුණු දහස් ගණනක් වූ සාමාජිකයින් ගෙන් සමන්විත වූ පෙළපාලිය අවසානයේදී මැයි රැළිය පැවැත්වුනේ කොළඹ බි.ආර්.සි, පිටියේදීය.
පෙළපාලිය අතර වාරයේදී සංදේශයට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ වත්මන් රජය දියත් කර ඇති මර්දනය සහ සුරාකෑම පරාජය කිරීම කම්කරු පංතිය හමුවේ පවතින ප්‍රබලතම අභියෝගය බවයි.
‘’ සංවර්ධනයේ මුවාවෙන් රට තුලට සුදු ව්‍යාපාර, ගණිකා ව්‍යාපාර ඇතුළු දුරාචාර ගෙන්න හදනවා. මේවායින් රට සංවර්ධනය කරන්න බැ. මින් පොදු ජනතාවට යහපතක් සිදු වන්නේත් නැහැ. ඉන් ප්‍රතිලාභ ලබන්නේ රාජපක්ෂ පාලනයේ ගෝලබාලයින් පමණයි. ඒ නිසා මේ මැයි දිනය රටට තීරණාත්මක මැයි රැළියක්’’ යැයි අනුර කුමාර දිසානායක කියා සිටියේය.