ආගමික සංහිඳියා 'චන්ද්‍රිකා' වාර්තාවට විවේචන හා ප්‍රශංසා

ඡායාරූප මූලාශ්‍රය, BBC
ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සඳහා වූ නිර්දේශ මාලාවක් ඇතුළත් වාර්තාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉකුත්දා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙන ලදී.
ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපතිත්වය දරන්නේත් හිටපු ජනාධිපතිවරියයි .
පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථානවලට, ඉස්ලාම් පූජනීය ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර එල්ල වූ බවත් ඒ නිසා ආගමික සංහිඳියාවක් ඇති කිරීම පිණිස සාකච්ඡා කිරීමෙන් පසු එම වාර්තාව සකස් කළ බවයි ඇය කියා සිටියේ.
මේ පිලිබඳව දැන් සංවාදයක් ගොඩනැගෙමින් තිබෙන අතර විවේචන මෙන්ම ප්‍රශංසා ද පලවී තිබේ.