අපි ම්ලේච්ඡයන්ද? අපි ගල් යුගයේද?
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මණ්ඩලයට යෝජනා පිට යෝජනා ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ම්ලේච්ඡයන් වෙසෙන නිසාදැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්න කරයි.
කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව කියා සිටියේ, සඳුදා සවස් යාමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් අතර බෙදා හරින ලද යෝජනාව පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.