යාචකයන් වෙනුවෙන් 'අලුත් ප්‍රතිපත්තියක්'
යාචකයන්ට නව ජීවන රටාවක් උදා කර දීම් වස් පියවර ගැනීමේ අවශ්‍යතාවය කැබිනට් මණ්ඩලයට පෙන්වා දෙන බව සමාජ සේවා අමාත්‍යාංශය පවසයි.
සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් ඉමෙල්ඩා සුකුමාර් ඒ බව සඳහන් කළේ පසුගිය දින කිහිපය ඇතුලත හැටකට අධික යාචකයන් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

"ඒකට අපේ අමාත්‍යංශයේ ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙනවා. මේ ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා ඉදිරියේදී ඇමතිවරයා එක්ක සාකච්ඡා කරලා කැබිනට් තීරණයක් ගන්න මම ක්‍රියා කරනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.
එහෙත් කොළඹ නගරයේ වීදි වල සැරි සරන යාචකයන් දිගටම අත් අඩංගුවට ගන්නා බවයි, පොලිසිය පවසන්නේ. මේ දක්වා අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් නම දෙනකු සිටින බවද පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය.
'පුදුම හේතු'
"එකක් යාචකයන් ලෙස පෙනී සිටිමින් අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සමාජ විරෝධී වැඩවල යෙදීම. දෙවෙනි කාරණය තමයි, මොවුන් හිඟමන පාවිච්චි කරනවා වෘත්තියක් හැටියට," යනුවෙන්ද පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

යාචකයන් අත් අඩංගුවට ගැනීම පිණිස පොලිසිය දක්වන හේතු පුදුම සහගත බව මේ අතර පවසන මානව හිමිකම් ක්‍රියාධරයෝ, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල කෙරෙන චෝදනාව බලධාරීන්ගේ දෙබිඩි පිළිවෙත හෙළි කරන්නක් බවද සඳහන් කරති.
"පුවත්පත්වල තිබුනා, මත්කුඩු ගෙන්වන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා කියල. අද වෙනකම් අපි දන්නේ නෑ, කිසි කෙනෙක් අත් අඩංගුවට අරන් නැහැ," බවයි එම් ශක්තිවේල් පියතුමා පවසන්නේ.
"එතකොට කොහොමද මේ මත්කුඩු යාචකයන්ගේ අතට පත් වෙන්නේ?," ඔහු ප්‍රශ්න කරයි.
යාචකයින් අබිරහස් ලෙසින් මරා දැමීම මින් වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාරණයක්.
"වැරදි දේශපාලනික ආර්ථික සැලසුම් නිසයි, දුප්පතුන් මේ තත්වයට පත් වෙන්නේ. පුනරුත්තාපනය විය යුත්තේ මේ යාචකයන් නොවෙයි, දේශපාලකයන්," බව ශක්තිවේල් පියතුමා අවධාරණය කරයි.