යාපනය සරසවිය මසක් වසා දැමේ

යාපනය විශ්ව විද්‍යාලය
ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය විශ්ව විද්‍යාලය

විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනය, සහ විශ්ව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විශ්ව විද්‍යාල වසා දැමීම ගැන විරෝධය පල කර ඇත.

මේ අතර වාරයේ සෙසු විශ්ව විද්‍යාල දින අටක් පමණක් වසා දැමීමට තීරණය කරද්දී , යාපනය විශ්ව විද්‍යාලය නොවැම්බර් මාසය පුරා වසා දැමීම පිළිබඳව යාපනය විශ්ව විද්‍යාලය ශිෂ්‍ය සංගමය තම විරෝධය පල කොට සිටී.

මහා විරු සැමරුම

නොවැම්බර් මස 27 දාට යෙදෙන මහා විරු සැමරුම යාපන විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වතිය යන බියෙන් බලධාරීන් විසින් මේ පියවර ගෙන ඇති බවයි ශිෂ්‍ය සංගම් ප්‍රකාශයෙක් කියා සිටියේ.

පසුගිය වසරේ දී යාපනය විශ්ව විද්‍යාලය තුල මහ විරු දිනය සැමරීම නිසා ඊට සම්බන්ධ වූ සිසුන් එකොළොස් දෙනකු පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පැවසූ ඔහු අවසානයේ එම සිසුන් නිදහස් කර ගැනීමට ජනාධිපතිවරයාගේ සහය ලබා ගැනීමට සිදුවූ බවත් ප්‍රකාශ කළේය.