
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නවලෝක රෝහලේ ප්‍ර ති කාර කෙරෙන අතරතුරදීම රිමාන්ඩ් භාරයට පත් කොට තබේ.
සිංගප්පූරුවේ සිට ශ්‍රීලංකාවට පැමිනි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
සැත්කම් කිහිපයකට ලක්වූ දුමින්ද සිල්වා දුවිලි සහිත ස්ථානයක රඳවා තැබීම නුසුදුසු හෙයින් නවලෝක රෝහලේ නතර වී සිටීමට ඔහුගේ නීති වේදීන් කළ ඉල්ලීමකට අධිකරණය ඉඩ ලබා දුන්නේය.
ප්‍රේමචන්ද්‍ර මහතා ගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යවේදීන්ට කියා සිටියේ දුමින්ද සිල්වා පැමිණෙන තුරු තමන් බලා සිටි බවයි "මෙතෙක් කාලයක් නඩුවට ආවේ අපේ පාර්ශවයෙන් විතරයි,දැන් තමයි සටන පටන් ගන්නේ" යැයි ඇය පැවසුවාය.
මෙම නඩු විභාගය මාර්තු 13 වෙනිදා කැඳවීමට නියමිතය.












