
මහේස්ත්‍රාත්වරයා ට මරණීය තර්ජන එල්ල කොට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය බදිඋද්දීන් ට එරෙහිව පෙත්සම ඉදිරිපත් කොට තිබේ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත naarරිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයෙන් තමා ඉවත්වන බව නව අගවිනිසුරුවරයා නිවේදනය කළේය.
පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව කැඳවූ පළමු නඩුවේ දී නව අගවිනිසුරු මොහාන් පීරිස් ඒ බව නිවේදනය කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මන්නාරම හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද්දක් බැවින් අගවිනිසුරු ලෙසින් මෙන්ම අධිකරණ සේවා කොමිසමේ ප්‍රධානියා වශයෙන් ද තමා මෙම පැමිණිල්ල විභාග කිරීම නුසුදුසු බව ඔහු පැවසීය.
ඒ අනුව එම පැමිණිල්ල වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන මෙන් අගවිනිසුරු මොහාන් පීරිස් නියෝග කිරීමෙන් අනතුරුව පෙත්සම මාර්තු මස 13 වැනි දින විභාගයට ගැනීමට නියම කෙරිණ.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ට ගල් මුල් ප්‍රහාර එල්ල කොට, මහේස්ත්‍රාත්වරයා ට මරණීය තර්ජන එල්ල කොට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය රිෂාඩ් බදිඋද්දීන් ට එරෙහිව එම පෙත්සම ඉදිරිපත් කොට තිබෙන්නේ ජ්‍යෙෂ්ට නීතිවේදීන් පස් දෙනකු විසින්.
මන්නාරමේ දෙමළ ජාතික ධීවරයන් ගේ නිවාසවලට ගිනි තැබූ බවට චෝදනා එල්ල වූ ප්‍රදේශවාසීන් පිරිසක් අත් අඩංගුවට ගන්නා මෙන් එවකට මන්නාරමේ මහේස්ත්‍රාත්වරයා වූ ඇන්තනි පිල්ලේ ජුඩේසන් නියෝග කිරීමෙන් අනතුරුව එම නියෝගය ඉවත් කරගන්නා මෙන් අමාත්‍යවරයා තමන්ට දුරකතනයෙන් තර්ජනය කළ බව මහේස්ත්‍රාත්වරයා පැමිණිලි කොට තිබිණි.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගයට අවනත නොවූ විට සිය අධාරකරුවන් ලවා අධිකරණයට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවට ද අමාත්‍ය රිෂාඩ් බදිඋද්දීන් ට චෝදනා එල්ල වී තිබේ.
ඇමතිවරයාගේ එරෙහිව පියවර ගන්නා මෙන් ආණ්ඩුවට බල කරමින් රට පුරාම නීතිවේදීහු එක් දින වර්ජනයක ද නිරත වූහ.












