
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග වාර්තාව අද පාර්ලිමේන්තුවේ විවාදයට ගනිද්දී දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල විරෝධතා හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනිණ.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නීතීඥවරුන් සහ විරුද්ධ පක්‍ෂ කණ්ඩායම් පාගමනකට සූදානම් වන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ ආධාරකරුවන් ඊට එරෙහිව උද්ඝෝසනයක් පැවැත්වීම හේතුවෙනුයි මේ තත්වය හට ගත්තේ.
"මේක ව්‍යවස්ථා අර්බුදයක්. වෙනත් නඩු තීන්දු බලවත්වෙන්නේ කොහොමද මේක බලවත් වෙන්නේ නැත්නම්"
නීතිඥ ලාල් විජේනායක
නීතීඥවරුන් අලුත්කඩේ ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී, අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතු බව කියා සිටි ආණ්ඩු පක්ෂ ආධාරකරුවන් ඔවුන්ගේ පා ගමනට බාධා කල අතර පසුව පාගමන උසාවි සංකීර්ණයේ වෙනත් මාර්ගයකින් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කොට තිබේ.
අගවිනිසුරුවරිය වටා දේශපාලන කුමන්ත්‍රණකරුවන් රොක්ව සිටින බවටයි ආණ්ඩු පක්ෂ කණ්ඩායම් චෝදනා එල්ල කළේ.

නීතිඥ එකමුතුවේ නීතිවේදී ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ සාමකාමී පාගමන කඩාකප්පල් කිරීමට රජය උත්සාහ කළ බවයි. ගල්-මුල් සහ පොලු රැගත් මැර කණ්ඩායම් තමන්ට බාධා පැමිණවූ බව පැවසූ ඔහු තම සාමකාමී සටනේදී ලේ හැලුවේ නම්, එකාධිපති ගමනක් යන රජයට විරුධව නැගී සිටීමට ජනතාව පෙළ ගැසෙන බවයි.
අගවිනුසුරුවරිය නීති විරෝධී ආකාරයෙන් ඉවත් කොට නව අග්‍ර විනිශ්චකාරවරයකු පත්කළහොත් ව්‍යවස්ථා අර්බුදයක් හටගනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන නීතිවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කළේය.
අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් දී ඇති අධිකරණ තීන්දු කෙරෙහි අවධානය යොමු කරමින් පාගමනට එක්ව සිටි නීතිඥ ලාල් විජේනායක ප්‍රශ්න කළේ මෙසේයි. "මේක ව්‍යවස්ථා අර්බුදයක්. වෙනත් නඩු තීන්දු බලවත්වෙන්නේ කොහොමද මේක බලවත් වෙන්නේ නැත්නම් "












