
සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ රිසානා නෆීක් හට මරණීය දණ්ඩනය පමුණුවා ඇතැයි ශ්‍රී ලංකවේ විදේශ අමාත්‍යාංශය කියා සිටී.
තමන් බලා ගත් මාස හතරක් වයස බිලිඳු දරුවෙක් මරා දැමීම පිළිබඳව රිසානා වැරදිකාරිය වී සිටියාය.මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් අත වරදක් නැති බව රිසානා නෆීක් කියා සිටි අතර මේ වන විට ඇයගේ වයස අවුරුදු දා හතක් වූ බවයි අගේ දෙමාපියන් ප්‍රකාශ කළේ.
ළමා අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර ප්‍රඥාප්තියට අනුව බාල වයස්කාර දරුවන් හට මරණීය දණ්ඩනය පමුණුවාලීම තහනම්ය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රිසානා නෆීක් වෙනුවෙන් විනාඩියක ශෝක කාලයක් පැවැත්වීය.












