
සාධාරණ නීතිමය රාමුවක් ඇතුලත පැවැත්වෙන පරීක්ෂණයකට පෙනී සිටීමට තමුන් සුදානම් බව අග විනිසුරුවරිය ඇගේ නීතිවේදීන් ගේ මාර්ගයෙන් කියා සිටී.
අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් මාධ්‍ය හමුවක් ඇමතු නීතිවේදී සාලිය පීරිස් කියා සිටියේ රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් ඇමැතිවරු නගන සියළුම චෝදනා අග විනිසුරුවරිය ප්‍රතික්ෂේප කරන බවයි.
සෙලින්කෝ සමාගම් සමුහයට අයත් ගෝල්ඩන් කී සමාගමේ කටයුතු අධිකරණය හමුවේ විභාග වෙද්දී ඊට අයත් ට්‍රිලියම් නිවාස සමුහයෙන් නිවාසයක් මිලදී ගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගුහ.
ට්‍රිලියම් නිවාස මිලදී ගැනීම පිලිබඳව නැගෙන චෝදනා පිළිබඳව නීතිවේදී සාලිය පීරිස් ප්‍රකාශ කළේ මෙම නිවාසය අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඇගේ සොහොයුරිය වෙනුවෙන් මිලදී ගන්නා අවස්ථාවේදී ඇය අග විනිසුරු තනතුරේ කටයුතු නොකළ අතර නිවාස මිලදී ගත් සියළුම දෙනාටම වට්ටම් හිමිවු බවයි.
අග විනිසුරුවරිය විශාල බැංකු ගිණුම් ප්‍රමාණයක් පවත්වා ගෙන යන බවට නැගෙන චෝදනා පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ විභාග කැරුණු දෝෂාභියෝගයට ඇතුල් නොවූ බවත් නීතිවේදී සාලිය පීරිස් පෙන්වා දුන්නේය.
දෝෂාභියෝගය පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ජනවාරි දහය එකොළහ දෙදින පැවැත්වීමට නියමිතය.












