
තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග බලරහිත බව කථානායක චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට දන්වා සිටියි.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කරන තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග බල රහිත බව කථානායක චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සන්දේශයට පැවසුවේය.
"මේක අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති වීම වලක්වා ගැනීමට ගත් පියවරක්"
කථානායක චමල් රාජපක්‍ෂ
කථානායක චමල් රාජපක්‍ෂ අධිකරණය ලබා දුන් නියෝග බලරහිත කීරීමට තීරණය කළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගේ අදහස් දැක්වීමකින් අනතුරුව බවත් ,මේ සියලුම දෙනා පාර්ලිමේන්තුවේ ගරුත්වය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි බවත් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි තවදුරටත් පැවසුවේය.
දෝෂාභියෝගය විභාග කරන තේරීම්කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති නොවන්නේදැයි විමසුවිට, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේ:
"මේක අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති වීම වලක්වා ගැනීමට ගත් පියවරක් " යනුවෙන්.
දෝෂාභියෝගයට එරෙහිව ගොනු කොට තිබු පෙත්සම් සම්බන්ධයෙන් තේරීම්කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණ












