
සෙලින්කෝ ව්‍යාපාර සමුහයේ හිටපු සභාපති ලලිත් කොතලාවල වෙනුවෙන් පෙනී සිටි නිතීවේදීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ දී අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටීමට විරෝධය පළ කැරෙන උද්ඝෝෂණයක් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය අසලදී පැවැත්වින.
සෙලින්කෝ ව්‍යාපාර සමුහයට අයත් ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළ මුදල් ලබා ගැනීමට නොහැකිව උසාවි ගිය මෙම පිරිස කියා සිටියේ තමන් ගේ පැමිණිල්ල විභාග කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වෙතින් තමන්ට යුක්තිය ඉටු නොවූ බවයි.
අගවිනිසුරුවරිය ගේ නීතිවේදීන් වෙනුවෙන් ලලිත් කොතලාවල ගාස්තු ගෙවන්නේද යන සැකය මතු වී ඇතැයිද උද්ඝෝෂකයෝ පැවසුහ.
ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරන ලද මුදල් අහිමි වූ තැන්පත් කරුවන් ගේ සංගමයේ සභාපතිනි දුෂාන්ති හපුගොඩ කියා සිටියේ මෙම උද්ඝෝෂණය
සංවිධා නය කිරීම පිටුපස ඇමති මර්වින් සිල්වා සිටින්නේය යැයි ඇතම් නීතිවේදීන් කරන ප්‍රකාශ 'තමන්ට අදාල නොවන' බවයි."තැන්පත් කරුවන්ගේ දේශපාලනය අපිට අදාල වෙන් නේ නැහැ.ඒ හැමෝම ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කොට අගතියට පත් වූ අය"යැයි දුෂාන්ති හපුගොඩ පැවසුවාය.
අගවිනිසුරුවරිය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥය රොමේෂ් ද සිල්වා කීයා සිටියේ ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කොට මුදල් අහිමි වූ තැන්පත් කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
මුදල් අහිමි වූ තැන්පත් කරුවෝ තමන්ට යුක්තිය ඉටු කර දෙන්නැයි දෙවියන් ගෙන් ඉල්ලා සිටිමින් පොල් ගැසුහ.












