බෝට්ටුවලින් එන ශ්‍රී ලාංකිකයන්ට වීසා දෙන්නේ නෑ - ඕස්ට්‍රේලියාව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 12 සඳුදා - 14:33 GMT
Returned Sri Lankan illegal migrants (file photo)

අගෝස්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාවට ලඟාවූ ශ්‍රී ලාංකිකයන් 250 කට වැඩි පිරිසක් මේ වන විට යලි ශ්‍රී ලංකාවට පිටත් කොට එවා තිබේ

බෝට්ටුවල නැග නීති විරෝධී අයුරින් රටට ළඟාවන ශ්‍රී ලාංකිකයන්ට රටට ඇතුළුවීම සඳහා වීසා බලපත්‍ර ලබා නොදෙන බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

දකුණු ආසියානු ආගමන කටයුතු භාර කලාපීය අධ්‍යක්ෂ හොසේ අල්වාරෙස් පවසන්නේ කෙසේ හෝ ඕස්ට්‍රේලියාවට ලඟා වුව හොත් සියලු සැප සම්පත් ලැබෙන බවට මිනිස් ජාවාරම් කරුවන් අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටින බවයි.

මේ තත්ත්වය යටතේ පසුගිය අගෝස්තු මාසයේ සිට එසේ ඕස්ට්‍රේලියාවට ලඟාවූ ශ්‍රී ලාංකිකයන් 250 කට වැඩි පිරිසක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ වන විට යලි ශ්‍රී ලංකාවට පිටත් කොට එවා තිබෙන බවද ඔහු පැවසීය.

දකුණු ආසියානු ආගමන කටයුතු භාර ඕස්ට්‍රේලියාවේ අධ්‍යක්ෂවරයා එම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

2012 අගෝස්තු මාසයෙන් අනතුරුව බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් රඳවා තබන්නේ නාවුරු දූපත්වල හෝ පැපුවා නිව් ගිනියාවේ දූපතක බව ද හොසේ අල්වාරෙස් අවධාරණය කළේය.

මෙසේ බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කළ බොහෝ දෙනෙකු බෝට්ටු මුහුදුබත් වී මුහුදේදීම මරුමුවට පත්වූ බව පෙන්වාදෙන දකුණු ආසියානු ආගමන කටයුතු භාර කලාපීය අධ්‍යක්ෂවරයා එබැවින් එය ඉතා භයානක චාරිකාවක් බවද අවධාරණය කරයි.

BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.

]]>