
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝගය කථානායකවරයා වෙත භාරදී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 117 දෙනෙකු ඊට අත්සන් තබා ඇති බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ජන මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
පසුගිය කාල සීමාව තුල විධායකය සහ අධිකරණය අතර මෝදු වෙමින් තිබු අසමානතාව සමාන කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දෝෂාභියෝග යෝජනාව ඉදිදිරිපත් කළ බවයි රඹුක්වැල්ල ඇමතිවරයා පැවසුවේ.
එය පිටුපස කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් ඔහු පැවසුවේය.
මෙවැනි දෝෂාභියෝග මගින් ස්වාධීනව තීන්දු ලබා දෙන විනුසුරුවරුන්ට බලපෑම් එල්ලකිරීමක් සිදුවනවා නොවේදැයි යන ප්‍රශ්ණයට පිළිතුරු දුන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේ අධිකරණය ස්වාධීන වියයුතු අතර සාධාරණ ද විය යුතු බවයි.
"අධිකරණය ස්වාධීන නොවන්නේ නම් සාධාරණය ඉටු කරන්නේ කෙසේද?," යනුවෙන් ඇමතිවරයා ප්‍රශ්න කළේය.
මාධ්‍ය හමුවට පැමිණ සිටි දෝශාභියෝග යෝජනාව කථානායකවරයාට බාර දුන් පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය දෝශාභියෝග යෝජනාවේ අඩංගු චෝදනා කවරේදැයි අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කළාය.
දෝෂාභියෝගය විමර්ශනය කිරීමට පත් කරනු ලබන තේරීම් කාරක සභාව විසින් අගවිනිසුරුවරිය වෙත එම චෝදනා දැනුම් දෙනු ඇතැයිද ඇය තවදුරටත් කියා සිටියාය.












