
ආණ්ඩුකාරවරයා යනු ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු පමණක් බව මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් මතුකරන තර්කයයි
පළාත් සභාවක් ක්‍රියාත්මක නොවන අවස්ථාවක එහි ආණ්ඩුකාරවරයාට පනත් කෙටුම්පතක් සඳහා අනුමැතිය දීමට බලය තිබෙන්නේද යන්න පිලිබඳ අර්ථ කථනයක් ලබාදීම සම්බන්ධ විභාගය ඉදිරියටම පවත්වාගෙන යාමට ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළේය.
අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිශ්චය මඬුල්ල ඒමේ තීන්දු කළේ ඒ පිලිබඳ විභාගය යලි අභියාචනාධිකරණයට මාරු කළ යුතු බවට නීතිපතිවරයා මතු කළ විරෝධතාවයක් ප්‍රතික්ෂේප කරමින්.
දැනට උතුරු පළාත් සභාව ක්‍රියාමක නොවීම හේතුවෙන් දිවි නැගුම පනත සඳහා අනුමැතිය ලබාදීමට එහි ආණ්ඩුකාරවරයා ගත් තීන්දුව අභියෝගයට ලක්කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ටාධිකරණයට යොමු කොට තිබිණ.
ආණ්ඩුකාරවරයා යනු ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු පමණක් බව මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් මතුකරන තර්කයයි.
පෙත්සම ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මූලික විරෝධතාවයක් මතුකළ නීතිපතිවරයා අර්ථ කථනය කලයුත්තේ කුමක්ද යන්න අභියාචනාධිකරණය විසින් පැහැදිලිව සඳහන් කොට නොමැති නිසා පෙත්සම යලිත් අභියාචනාධිකරණයට යොමු කළ යුතු බවට කරුණු දැක්වූ නමුත් එම තර්කය බැහැර කළ ශ්‍රේෂ්ටාධිකරණය, පෙත්සම නැවත ඔක්තෝබර් 22 වැනි දින කැඳවීමට තීන්දු කළේය.
ඇතැම් පළාත් සභා බලතල මධ්‍යම රජයට පැවරෙන මෙම පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ සියලුම පළාත් සභා වල අනුමැතියෙන් බවයි අධිකරණය විසින් මීට ඉහතදී තීරණය කැරුණේ.
උතුරු පළාතේ හැර අනෙක් සියලුම පළාත් සභා යෝජිත දිවි නැගුම පනතට දැනටමත් අනුමැතිය ලබා දී තිබේ.












