
ඉන්දියා ටී වී ආයතනයේ හෙලිදරව්වක් මගින් දුෂණ චෝදනාවලට ලක්වූ තරඟ විනිසුරු වරුන් හය දෙනෙකුගේ සේවය අත්හිටුවන බව ක්‍රිකට් බලධාරීහු ප්‍රකාශ කරති.
කොළඹදී පැවති විශේෂ රැස්වීමකින් පසුව නිවේදනයක් නිකුත් කළ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ,තම ආයතනය හෝ,එහි සාමාජික පාලක මණ්ඩල මගින් මෙම විනිසුරු වරුන් සේවයේ යොදවාගැනීම අත්හිටුවන ලද බවයි.
දුෂණ චෝදනා ලැබූ තරඟ විනිසුරු වරුන් තිදෙනා ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට ලක් කරන ලද බව ක්‍රිකට් බලධාරයෙක් ප්‍රකාශ කර ඇත.
ඉන්දියා ටී වී ආයතනයේ ගවේශනාත්මක ප්‍රවෘර්ති වැඩසටහනකට අනුව මෙම විනිසුරු වරුන් මෙන්ම විස්සයි විස්ස තරඟාවලියට සහභාගිවූ පකිස්තානු සහ බංග්ලාදේශ ක්‍රිකට් විනිසුරුවන් කිහිපදෙනෙකු අල්ලස් ලබා ගනිමින් තරඟ පාවා දීමට එකඟ වී ඇති බවයි කියැවෙන්නේ.
ඉන්දියා ටී. වී. වීඩියෝ පට තම කමිටු සාමාජිකයන් නැරඹු බව පවසන ජාතික ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති ඒ ආර් එම් අරුස්, එහි අඩංගු තොරතුරු සත්‍ය ලෙස පිළිගත හැකි බව පෙනී යන බව ප්‍රකාශ කළේය.
ජාතික ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති ඒ ආර් එම් අරුස් පැවසුවේ,"සමහර දේ වලට එකඟ වීමෙන් අපේ අය කර තිබෙන්නේ වරදක්" යනුවෙන්.
මේ අතර ප්‍රකාශයක් කල චෝදනා වලට ලක්වී සිටින විනිසුරුවරුන් අතරින් දෙදෙනෙක්,තමනට එරෙහි චෝදනා සත්‍යයෙන් තොර බව කියා සිටිති.
චෝදනාවට ලක්ව සිටින එක් ක්‍රිකට් විනිසුරු වරයකු වන විනිසුරු ගාමිණී දිසානායක බාහිර බලවේග වෙත ප්‍රතිචෝදනා එල්ල කර ඇත.
"මේක ශ්‍රී ලංකා විනිසුරු ක්ෂේත්‍රයටම වෙනත් බාහිර බලපෑම් වලින් එල්ලවන පහරක්," බවයි ඔහු ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන මගින් පවත්වනු ලබන පරීක්ෂණ ප්‍රතිපල අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ජාතික ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති ඒ ආර් එම් අරුස් තව දුරටත් පැවසුවේය.












