
උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලට නව පළාත් සභා තෝරාගැනීමේ ඡන්ද විමසීම සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි
පළාත් තුනක පළාත් සභා මැතිවරණවල ඡන්ද විමසීම මුව විටේ තිබියදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක්ම වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
මඩකලපුවේ ඔට්ටමාවඩි සහ වාලච්චේනයි ප්‍රදේශවලදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආධාරකරුවන් පැහැර කෑමට ලක් වී ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.
එහිදී මුස්ලිම් කොන්ග්‍රසයේ එක ආධාරකරුවෙකුට බරපතල තුවාල සිදු වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය.
වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මුස්ලිම් කොන්ග්‍රසය මෙවර මැතිවරණයට තරඟ වදින්නේ සන්ධානයේ හවුල්කරුවෙකු ලෙසින් නොවේ.
විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව ප්‍රදේශයේ "ඉතා සංවිධානාත්මකව" ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූ බව පවසන ඔහු, අවසාන මොහොත දක්වාම ඒවා පාලනය කිරීමට කිසිදු උත්සාහයක් නොදරූ බවට බලධාරීන්ට චෝදනා කරයි.
මේ හැරුනුකොට දෙහිඅත්තකන්දිය සහ වාලච්චේනයි ප්‍රදේශවල බාහිරින් පැමිණි විශාල පිරිසක් ලැගුම්ගෙන සිටීම නිසා ප්‍රදේශයේ ජනතාව බියට පත්වී සිටින බවද කැෆේ සංවිධානය පවසයි.
උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලට නව පළාත් සභා තෝරාගැනීමේ ඡන්ද විමසීම හෙට සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.












