
මැතිවරණය පැවැත්වෙන සමයේදී "අවිධිමත් බඳවා ගැනීම්" සිදු නොවනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි
බලයේ සිටින ජනාධිපතිවරයා රජයේ දේපල මැතිවරණ ව්‍යාපාරයක් තුලදී භාවිතයට ගැනීම වරදක්දැයි තීරණය කිරීම තමන්ගේ රාජකාරියක් නොවේ යයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.
එමෙන්ම මැතිවරණයකට තරඟ වදින පක්ෂයක නායකයා වශයෙන් මැතිවරණ රැස්වීම් ඇමතීමට ජනාධිපතිවරයා ට කිසිදු තහනමක් නැති බවයි, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේ.
සැප්තැම්බර් අට වැනිදා ඡන්දය පැවැත්වීමට දින නියම කොට ගෙන ඇති නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් වල ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා ආණ්ඩු පක්ෂයේ මැතිවරණ රැළි අමතන බව ප්‍රකාශයට පත්කොට තිබේ.
අවිධිමත් බඳවා ගැනීම්
රජයේ දේපොළ භාවිත කිරීම
"බලයේ සිටින ජනාධිපතිවරයා විසින් රජයේ දේපොළ භාවිත කරනවද නැද්ද කියන එක, ඒකෙ වරදක් තියෙනවද නැද්ද කියන එක ඒක වරදක් හැටියට පෙනෙන අයගේ වැඩක් මිසක් ඒක මගේ කරුණක් නෙවෙයි"
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය
"බලයේ සිටින ජනාධිපතිවරයා විසින් රජයේ දේපොළ භාවිත කරනවද නැද්ද කියන එක, ඒකෙ වරදක් තියෙනවද නැද්ද කියන එක ඒක වරදක් හැටියට පෙනෙන අයගේ වැඩක් මිසක් ඒක මගේ කරුණක් නෙවෙයි," මහින්ද දේශප්‍රිය පැවසීය.
මැතිවරණය පැවැත්වීමට නියමිත පළාත් සභාවල රාජ්‍ය ආයතන වලට පත්වීම් ලබාදීම පිළිබඳව සඳහන් කළ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ, මැතිවරණය පැවැත්වෙන සමයේදී උපාධිධාරීන් බඳවා ගැනීම ඇතුළු "අවිධිමත් බඳවා ගැනීම්" සිදු නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
කෙසේ වුවත්, ජනමාධ්‍යවලට සහ රාජ්‍ය ආයතනවලට නිකුත් කොට ඇති ආචාර ධර්ම පද්ධතීන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිස ක්‍රියාකළ හැක්කේ පැමිණිලි ලැබුනහොත් පමණක් බව ඔහු පිළිගත්තේය.
"රජයේ නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නම් අපට විශේෂ යාන්ත්‍රණයක් අවශ්‍ය නැහැ ඒක වහාම පැමිණිලි එනවා යම් වැරදි බඳවා ගැනීමක් සිදුකලොත්," ඔහු පැවසීය.












