
ඒ සියලු චෝදනා පිළිබඳව පරීක්ෂා කරන බවට ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ප්‍රතිඥා දුන් බවයි, එක්සත් ජාතීන් පවසන්නේ
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට දිගින් දිගටම තර්ජන එල්ලවෙමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ක්‍රියාධරයන්ට ශ්‍රී ලංකාවේ දී එල්ලවන තර්ජන සම්බන්ධ වාර්තාවේ යි, මහ ලේකම්වරයා ඒ බව සඳහන් කරන්නේ.
විශේෂයෙන්ම මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුව මේ තත්ත්වය උග්‍ර වී ඇති බවයි, වාර්තාවේ සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වූ මානව හිමිකම් මණ්ඩලයේ 19 වැනි සැසිවාරයට සහභාගි වීම පිණිස ජිනීවා නුවරට ගොස් සිටි සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු ක්‍රියාකාරිනියන් ට එහිදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ බිය ගැන්වීම්වලට සහ ගැරහීම්වලට ලක් වීමට සිදුවූ බව වාර්තාව සඳහන් කරයි.
'අත පය කඩනවා'
එමෙන්ම මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සමගාමීව මාර්තු 19 වැනි දින ජිනීවා නුවර පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් සිටි අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩට, ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත පිරිස විසින් හිරිහැර කරන ලද බව ද වාර්තාවේ සඳහන්.

විදේශගත වී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන ඕනෑම මාධ්‍යවේදියකු යලි සියරට පැමිණියහොත් අත පය කඩා දමන බවට අමාත්‍ය මර්වින් සිල්වා තර්ජනය කළ බවත් වාර්තාවේ සඳහන්
ඉන් අනතුරුව සිය සැමියා අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇය පවරා තිබෙන නඩුව විභාග වන අතරවාරයේ, ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා, ජිනීවා සමුළුවට සහභාගි වීම පිළිබඳව සන්ධ්‍යා එක්නැලිගොඩ ගෙන් ප්‍රශ්න කරන ලද වගත් මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.
සැසිවාරය පැවති සමයේ දී මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව එල්ලවන තර්ජන වලට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පවා හවුල් වූ බව පෙන්වා දෙන එක්සත් ජාතීන්, ඩේලි මිරර්, දිනමිණ, ලක්බිම, සිළුමිණ සහ නේෂන් පුවත්පත් සහ ලංකා සී නිවුස් වෙබ් අඩවිය මෙන්ම රාජ්‍ය රූපවාහිනියේ ක්‍රියාකාරිත්වය විශේෂයෙන් සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ යෝජනාවට එරෙහිව කිරිබත්ගොඩ පැවති මහජන රැළියක් ඇමතූ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර, නිමල්කා ප්‍රනාන්දු සහ සුනන්ද දේශප්‍රිය "ද්‍රෝහීන්" ලෙසින් හඳුන්වා දෙමින්, විදේශගත වී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන ඕනෑම මාධ්‍යවේදියකු යලි සියරට පැමිණියහොත් ඔවුන්ගේ අත පය කඩා දමන බවට තර්ජනය කළ බවත් වාර්තාවේ සඳහන්.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් දැනුම් දුන් විට ඒ සියලු චෝදනා පිළිබඳව පරීක්ෂා කරන බවට ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා මානව හිමිකම් මණ්ඩලයේ සභාපති වරයාට ප්‍රතිඥා දුන් බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.












