ජනාධිපති තුමා නොමඟ යවලා - මැලේසියාවේ තානාපති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 14 අඟහරුවාදා - 13:07 GMT
Nanda Godage

තම පදවිය දැරීමට උත්සාහ දරන පිරිසක් ජනාධිපති වරයා නොමග යවා ඇති හඩක් පෙනී යන බව ද මහ කොමසාරිස් වරයා පවසයි

කට කථා කරුවන් ජනාධිපතිවරයා නොමඟ යවා තමන් තානාපති පදවියෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි.

මැලේසියාවේ තානාපති කල්‍යානන්ද ගොඩගේ ඒ බව සඳහන් කළේ මාස හතක කාලයක් පදවිය දැරීමෙන් අනතුරුව ඔහු යලි ශ්‍රී ලංකාවට කැඳවීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේදී. එම තීන්දුව පිළිබඳව නොසතුට පළ කරමින් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද ඔහු පවසයි.

"ජනාධිපති තුමා මම හොඳට දන්නා කෙනෙක් 1970 ගණන්වල ඉඳලා. එහෙම දෙයක් වෙන්න ඇති නැත්නම් ජනාධිපති තුමා මෙහෙම දෙයක් කවදාවත් කරන්නේ නෑ," කිසිවෙකු විසින් ජනාධිපති වරයා නොමඟ යවා ඇත්දැයි සංදේශය විමසූ විට ඔහු පිළිතුරු දුන්නේය.

අන්තවාදී දෙමළ කණ්ඩායම්

දියතලාවේ වැඩ මුළුව

"කිසිම වැරැද්දක් කරලා තිබුනේ නෑ. මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී දෙමළ කණ්ඩායම් ඉන්නවා, අපිව විවේචනය කරනවා, මෙහේ ආණ්ඩුවට තර්ජනය කරනවා. ඉතින් මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ඕන. එහෙම කරලා අපේ පැත්තට හරවා ගන්න ඕන"

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කල්‍යානන්ද ගොඩගේ

ජනාධිපති තුමා සහ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් විසින් ශ්‍රී ලංකා දුත මණ්ඩල නියෝජිතයන් කැඳවා ඉකුත් ජුලි මස මුලදී දියතලාවේ යුද හමුදා කඳවුරේදී පැවැත්වූ වැඩ මුළුවකදී විදේශ ගත දෙමළ ප්‍රජාව සමගින් සාකච්ඡා කිරීම පිළිබඳව මතු කළ පැණයක් තමන් ආපසු කැඳවීමට හේතුවී ඇති බව මහා කොමසාරිස් වරයාගේ විශ්වාසයයි.

"වෙන හේතුවක් කිසිම දෙයක් තිබුනේ නෑ. කිසිම වැරැද්දක් කරලා තිබුනේ නෑ. මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී දෙමළ කණ්ඩායම් ඉන්නවා, අපිව විවේචනය කරනවා, මෙහේ ආණ්ඩුවට තර්ජනය කරනවා. ඉතින් මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ඕන. එහෙම කරලා අපේ පැත්තට හරවා ගන්න ඕන," මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කල්‍යානන්ද ගොඩගේ වැඩිදුරටත් පැවසීය.

තමන්ගේ එම ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය ජී එල් පීරිස් කෝපයට පත්වූ බව ද මහ කොමසාරිස් වරයා පවසයි.

එම දෙමළ කණ්ඩායම් සමඟ සාකච්ඡා කොට විදේශගත දෙමළ ප්‍රජාව ද ආණ්ඩුව සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමට එකඟ කරවා ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව පවසන ඔහු කෙසේ වුවත් තමා පදවියන් ඉවත් කොට එම පදවිය දැරීමට උත්සාහ දරන පිරිසක් ජනාධිපති වරයා නොමග යවා ඇති හඩක් පෙනී යන බව ද පවසයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.

]]>