ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වන විනාශය : 'ලංකාවේ ලැව් ගිනි නැහැ. මාස හතට හෙක්ටයාර් 2500ක් ගිනි තියලා'
මේ වසරේ පළමු මාස හත තුළ පමණක් දිවයිනේ කැලෑ සහ තෘණ භූමී හෙක්ටයාර් 2500ක් පමණ විවිධ පුද්ගලයන් විසින් ගිනිතබා විනාශ කර තිබේ.
ගිනි තැබීමේ සිද්ධීන් 150ක් පමණ දැනට වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනෙකු ජූලි මාසය තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.
''ලංකාවේ ලැව් ගිනි නැහැ. සියලු ගිනි තැබීම් මිනිසුන් විසින් කරන ඒවා. මේ අවුරුද්දේ තෘණ භූමී හෙක්ටයාර 2000ක් සහ වන වග සහ වනාන්තර හෙක්ටයාර 500ක් විතර ගින්නෙන් විනාශ වෙලා. අපිට බලාගන්න තියෙන කැලෑ ප්‍රමාණයත් එක්ක ගිනි කූරක් ගහලා යන කෙනෙක් අල්ල ගන්න පහසු නැහැ. අපේ රටේ බොහෝ දෙනෙක් විනෝදෙට ගිනි තියනවා'' යනුවෙන් අතිරේක වන සංරක්ෂණ ජනරාල්වරයා වැඩිදුරත් විස්තර කළේය.
මේ දිනවල පවතින සුළං සහ වියළි කාලගුණය නිසා ගින්නක් ඇති වූ විට එය පැතිරීම පාලනය කිරීම ඉතා අපහසු වී ඇති අතර ඇතැම් අවස්ථාවල දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ලබා ගැනීමට සිදුව තිබේ.