'මලෙයියහ දමිල' ප්‍රජාව දින 15ක් කිලෝ මීටර් 248 ක් දුර පා ගමනින් ගොස් කළ ඉල්ලීම කුමක් ද?
ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පුර්ණ වුව ද මේ දක්වා රටේ අනෙකුත් පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් නොලද තමගේ ප්‍රජාවට අවශ්‍ය වන්නේ සමාන අයිතිවාසිකම් සහ පිළිගැනීමක් බව 'මලෙයියහ දමිල' ජනතාව පවසති.
ඒ ගැන සියලු පාර්ශවයන්ගේ අවධානය යොමු කිරීම සඳහා ජූලි 28 සිට අගෝස්තු 12 දක්වා තලෙයිමන්නාරමේ සිට මාතලේට දින 15ක්, 248 Km දුර පා ගමනක ඔවුහු නිරත වූහ.
එම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙකු ද ඊට සම්බන්ධ විය.
