ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: 'වැලිඔය දරුවෝ ලෙදර් බෝලයක්, බැට් එකක් දැකලා නැහැ'
මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය ජීවත්වෙන දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් දියුණු කිරීමට මැදිහත් වන්නැයි එම ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.
වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලෙන් පමණක් ක්‍රීඩකයන් තිදෙනෙක් මේ දිනවල බේස් බෝල් 13 පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරීපත්ව ඇත.
වැලිඔය කිසිදු පාසලක ලෙදර් ක්‍රිකට් කණ්ඩායම් නැත. මුලතිව් නගරයේ පාසලක හා පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ එක් පාසලක පමණක් මේ වනවිට මුලතිව් දිස්ත්‍රික්කයේ ලෙදර් ක්‍රිකට් කණ්ඩායම් ආරම්භ කර තිබේ. ඊට අමතරව ලෙදර් ක්‍රීඩා කරන එක් ක්‍රීඩා සමාජයක් මුලතිව් දිස්ත්‍රික්කයට ඇත.
යුද්ධයෙන් ද දැඩි පීඩනයකට ලක් වූ වැලිඔය දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීමට බලධාරීන් වැඩි අවධානයක් යොමු කරන්නේ නම් 'ක්‍රීඩා තරු' රැසක් සොයා ගැනීමට හැකියාව ලැබෙන බව එම ප්‍රදේශයේ ජනතාව BBC සිංහල සේවයට පැවසූහ.