අලි මිනිස් ගැටුම : වනයේ දී අලියෙකුගේ X-Ray පරීක්ෂණයක් කරන අයුරු ඔබ දැක තිබේ ද?
වෙඩි වැදීම නිසා තුවාල ලබා සිටින අග්බෝ ඇතාට අවශ්‍ය ප්‍රතිකාර නිර්ණය කිරීම සඳහා ජූලි 26 වැනිදා අනුරාධපුරය, තිරප්පනේ කැලෑ ප්‍රදේශයක දී X-Ray පරීක්ෂාවක් සිදුකළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය තාරක ප්‍රසාද් ඇතුළු කණ්ඩායමක් සහභාගී වූහ.
''අස්ථි බිඳිලද කියලා බලන්නයි, මුනීසන් බලන්නයි අපි X-Ray පරීක්ෂාවක් කළා. මුනීස්සන් කිහිපයක් දැක්කා. තුවාලේ තියෙන තැන හොඳ නැහැ. ජීවිත අවධානමක් තිබෙනවා'' යනුවෙන් වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය තාරක ප්‍රසාද් පැවසුවේය.


