ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
83 කළු ජූලියේ 40 වැනි සැමරුම : පොලීසිය සහ තවත් කණ්ඩායමක් සැමරුමට බාධා කළේ ඇයි ?
83 කළු ජූලියේ 40 වැනි සැමරුම වෙනුවෙන් උතුරු - දකුණු සහෝදරත්වය සහ සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවවලට ජූලි 23 වැනි දා කොළඹ දී පොලීසිය සහ තවත් කණ්ඩායමක් බාධා කිරීම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීමක් බව එහි සංවිධායකයෝ පවසති.
උතුරු - දකුණු සහෝදරත්වයට බොරැල්ල කනත්ත අසල දී කිසියම් පිරිසක් බාධා කර තිබූ අතර සමාජවාදී තරුණ සංගමයේ පා ගමනට පුරහල අසල දී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.
බොරැල්ලේ දී සැමරුම් උත්සවය පැවති ස්ථානයට පැමිණි පිරිසක් චෝදනා කළේ හමුදාව දෙමළ වැසියන් ඝාතනය කළ බවට රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගෙන මේ පිරිස විරෝධතා සිදු කිරීම අනුමත කළ නොහැකි බවයි.
එමෙන්ම පොලීසිය පැවසුවේ අවසරලත් ස්ථානයේ රැස්වීම නොපවත්වා නීති විරෝධී පෙළපාලියක් යෑමට උත්සාහ කිරීම නිසා පිරිස විසුරුවා හැරීමට පුරහල අසල දී ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි.