ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය : ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුවී තිබේද?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ ජන අරගලයට අදට (ජුලි 09 වැනිදා) වසරක් සපිරෙයි.
දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාව කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කර ගෙන වසරක් සපිරෙන මේ මොහොතේ කොළඹ ගාලුමුවදොර සහ ජනාධිපති මාවත ඇතුළු ප්‍රදේශවල අද (ජූලි 09) තත්ත්වය පිළිබඳ බීබීසී සිංහල අපි විමසා බැලුවෙමු.
ඉන්ධන පෝලිම්, දෛනික විදුලි කප්පාදුව ඇතුළු සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවක් මුල් කර ගනිමින් ඇතිවූ අරගලයට නිමාවක් ඇතිවුයේ රාජපක්ෂවරුන්ගේ එවකට පැවති පාලනය තාවකාලීකව අවසන් කිරීමෙන්ය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් පසු ජනතාව බලාපොරොත්තුවූ ආර්ථික, සමාජීය හා දේශපාලනික ක්‍රමයේ වෙනසක් සිදූවී තිබේද?