ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරාබදු අදායම අඩුවෙයි : රටපුරා 'හොර මත්පැන්' වැඩිවෙන බව අනාවරණය වෙයි
ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.
මේ වසරේ මුල් මාස හතරෙහි බලපත්‍රලාභී සමාගම් මත්පැන් නිෂ්පාදනය අඩු කර තිබේ.
ලංකාවේ වැඩිම අලෙවියක් ඇති 180 ml (කාලේ බෝතල්) නිෂ්පාදනය 2020, 2021 සහ 2022 වසරවල දී අඛණ්ඩව වැඩි විය. 2022 වසරේ දී 180 ml බෝතල් මිලියන 105.8ක් නිෂ්පාදනය කර තිබේ. 2023 ජනවාරි මාසයේ එම වර්ගයේ මත්පැන් බෝතල නිෂ්පාදනය 8.8ක් වූ අතර අප්‍රේල් මාසයේ දී එය මිලියන 6.7 දක්වා අඩු වී ඇත.
2022 වසරේ දී 325 ml (බාගේ බෝතල්) මිලියන 46.8ක් සහ 750 ml බෝතල් මිලියන 57.7ක් නිෂ්පාදනය කර තිබේ.
රජයට වැඩිම බදු අදායමක් එකතු කර දෙන ප්‍රධාන ආයතන තුනෙන් එකක් වන සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ ද මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් 40%ක පුරප්පාඩු මත වේ. එම නිලධාරී හිඟය වැටලීම් ක්‍රියාත්මක කිරීමට සහ බදු අදායම් එකතු කිරීමට අහිතකර ලෙස බලපා ඇති බව ද වාර්තා වේ.