ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්:'මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැඩට බාධා වෙන විදියට පොලිසිය කිසිම දෙයක් කරන්න හොඳ නෑ කියලා නියෝග කළා'
යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක් අතරතුර පොලිසිය සමග ඇති වු ආරවුල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
ඒ, අද (ජුනි 07 වැනිදා ) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මන්ත්‍රීවරයාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටද අධිකරණය නියෝග කළේය.
ඇප මත නිදහස් වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ තම පාර්ලිමේන්තු මන්ත්‍රී කටයුතු හෝ වෙනත් කාර්යය සදහා බාධා සිදුවෙන අයුරින් කටයුතු නොකරන ලෙස පොලිසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.
"පාර්ලිමේන්තු කතානායක තුමා IGP කාර්යාලයට කිසිම දෙයක් ඔබතුමා කියපු හැටියට කියල නැති නිසා අපි ඔබතුමාව ගෙනියනවා කියලා තමයි මාව බලෙන් මෙහාට ගෙන්න ගත්තේ" හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.