ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රකාශනයේ නිදහස:'CID එක බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා නම් යශෝධරාවත් ගිහින් අත්අඩංගුවට ගනියි ICCPR එක යටතේ'
ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙනී සිටින බව කලාකරුවන්, මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (මැයි 29) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.
''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා නම් යශෝධරාවත් ගිහින් අත්අඩංගුවට ගනියි ICCPR එක යටතේ. යශෝධරාවත කවි පන්තිය ලියපු අයවත් අත්අඩංගුවට ගනියි. මොකද ඒකේ තියෙනවනේ බුදු හාමුදුරුවෝ දාලා ගියා කියලා.'' යනුවෙන් මෙම මාධ්‍ය හමුවට එක වූ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රකාශ කළේය.
මෙවැනි අත්අඩංගුවට ගැනීම් තුළින් ආණ්ඩුව උත්සාහ කරන්නේ මර්දනකාරී අනපනත් සම්මත කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට මෙන්ම දේශපාලනික වාසි ලබා ගැනීමට බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.