ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සත්ත්ව විද්‍යාඥයෙකු වීමට සිහින දකින මිහින්තලේ 'පුංචි දිල්හාරගේ' කතාව
ජංගම දුරකථන හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයට දරුවන් වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන පසුබිමක සත්ත්ව විද්‍යාඥයෙකු වීමට පර්යේෂණ කටයුතුවල නිරත වන දරුවෙකු ගැන අපට අසන්නට ලැබිණි.
මිහින්තලේ, අඹතලාගම ජීවත්වෙන නඳුන් දිල්හාර මියගිය සතුන්ගේ අස්ථි සැකිළි අධ්‍යයනය කිරීමටත්, සතුන් පිළිබඳව ගවේෂණය කිරීමටත් පුංචි සන්ධියේ සිට ක්‍රියා කරන බව එම දරුවාගේ මව BBC සිංහල සේවයට පැවසුවාය.
එමෙන්ම සතුන් සිතුවමට නැගීම ද ඔහුගේ විනෝදාංශයකි.
එම දරුවා මිහින්තලේ මහා විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගනුම ලබයි.