ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද්ධය අවසන් වී වසර 14 යි: 'මහින්ද', 'ගෝඨා' දක්නට නොලැබුණු ජනපති සහ SF සහභාගී වූ ජාතික රණවිරු සැමරුම
14 වැනි ජාතික රණවිරු සැමරුම අද (මැයි 19) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා, අවසන් සටනේ දී අණ දුන් ත්‍රිවිධ හමුදාවරු, අබාධිත ආරක්ෂක අංශ සාමාජිකයින් සහ මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
යුද්ධයේ අවසන් සමයේදී යුධ හමුදාපතිවරයා ලෙස ක්‍රියා කළ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා 2019 වසරෙන් පසු සිය ෆීල්ඩ් මාර්ෂල් ධූරයට හිමි නිල ඇඳුමෙන් උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය විය.
යුද්ධය නිමවන විට ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මෙම සැමරුම් අවස්ථාවට පැමිණි සිටිනු දක්නට නොලැබුණි.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇතුළු දේශපාලනඥයින් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.