ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුඩානයේ කොටුවී සිටින ලාංකිකයින් බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ කොහොමද?
යුද ගැටුම් පවතින සුඩානයේ ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානපති පී.එම් අම්සා පවසයි.
බීබීසී සිංහල සමග සූම් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, පළමු කණ්ඩායම ලෙස සුඩානයේ සිට ආරක්ෂිතව සෞදි අරාබියට ගෙන්වා ගත් ලාංකිකයින් 13 දෙනා හෙට (අප්‍රේල් 28 වැනිදා) දිවයිනට එවීමට පියවර ගෙන ඇති බවය.
ශ්‍රී ලංකා රජයේ වියදමින් ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා බවද ඔහු පැවසීය.
ඕනෑම ලාංකිකයෙකුට සුඩානයෙන් පිටවීමට අවශ්‍ය නම්, ඒ සඳහා සහය වීමට සෞදි අරාබිය සහයෝගය පළ කර ඇති බවද තානාපතිවරයා සඳහන් කළේය.
මේ සඳහා ඉන්දියාවෙන්ද සහය ඉල්ලා ඇති බව තානාපති පී.එම් අම්සා වැඩිදුරටත් පැවසීය.