ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රගීත් එක්නැලිගොඩගේ අවසන් සුසුම් රැඳී බිමේ සිට බිරිඳ කළ ඉල්ලීම
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර වසර 13ක් ගත වුව ද මේ දක්වා යුක්තිය ඉටු නොකිරීමට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ මාස හතරක් සිදුකළ දේව කන්නලව්වක් අද (අප්‍රේල් 18) අම්පාර, අක්කරෙයිපත්තුවේදී අවසන් කෙරුණි.
''අක්කරෙයිපත්තුවට එන්න හේතුව 2015 පරිදි ප්‍රගීත් අන්තිම වතාවට හුස්ම අරගෙන තියෙන්නේ මේ අක්කරේපත්තුව බිමේ. හමුදා බුද්ධි අංශයේ අය අවසාන වතාවට ප්‍රගීත්ව ගෙනල්ලා තියෙන්නේ මේ අක්කරෙයිපත්තුවට.'' යනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසුවාය.
ඇය අපරාධකරුවන්ට දඬුවම් දී යුක්තිය ඉටු කරන ලෙසට නීතියට බලකරමින් ක්‍රියාකාරීනියක ලෙස කටයුතු කරන අතරම තම ඇඳහිලි හා විශ්වාස මත බොහෝ ආගමික හා ජුද පුජා ගණනාවකම පසුගිය කාලය පුරා නිරත වී සිටින්නීය.