ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇස් නොපෙනෙන තරුණ තරුණියන් සේවයේ නිරත ඇඟලුම් කම්හල
උපතින් අබාධ සහිත වුව ද ඒ කිසිවක් හමුවේ නොසැලී ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණදෙමින් ආදර්ශවත්ව දිවි ගෙවන තරුණ තරුණියන් සේවය කරන ඇඟලුම් කම්හලක් ගැන අනුරාධපුරය, කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණි.
එහි සේවය ආරම්භ කිරීමෙන් පසු ජීවිතයේ සැබෑ වෙනසක් සිදු වූ අතර තමන්ට වටිනාකමක් ලැබුණු බව තරුණ තරුණියෝ BBC සිංහල සේවයට පැවසුහ.
''අපිට නූල්වල සහ රෙදිවල පාට හඳුනා ගන්න ලැබීම තමයි සුන්දරම දේ. අපිව දකින සහරු කියනවා අනේ පව්, පෙර කරපු කරුමයක් ද කොහෙද පුතේ කියලා. අතටම අපි නෙමෙයි පව්, ඇස් හොඳට පෙනිලත් සමාජයේ වැරදි වැඩ කරන අය'' යනුවෙන් දෘශ්‍ය අබාධිත තරුණයෙකු වන ශ්‍රීමාල් දර්ශන ජයරත්න පැවසුවේය.