ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් අද දුන් පණිවුඩය
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට සම්බන්ධ සාමාජිකයෝ අද (මාර්තු 01වැනිදා ) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල හා විරෝධතාවල නිරත වෙමින් සිටිති.
විරෝධතාකරුවන් ආණ්ඩුවට බලකර සිටින්නේ රුපියල් ලක්ෂයට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙසය.
නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථා ගණනාවකදී වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතා පැවැත්වු අතර රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හමුවූවද එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකි විය.
අද පැවති වැඩ වර්ජනය අසාර්ථක බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.