75 වන නිදහස් සැමරුම: 'රටේ නිදහසක් නැතුව උත්සවයක් පවත්වන එකම රට ලංකාව වෙන්න ඇති.'
Published
75 වැනි නිදහස් සැමරුම් උත්සවය අද (පෙබරවාරි 04) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර දී පැවැත්වේ.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල් මිලියන ගණනක වියදමක් දරා මෙවැනි උත්සවයක් පැවැත්වීම යෝග්‍ය නොවන බවට අදහස් පළ වී ඇති පසුබිමක රජය මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී.
ඒ තුළින් ජාත්‍යන්තරයට දෙන පණිවුඩය වැදගත් බව රජය පවසයි.
එහෙත් තමන්ට අද දිනයේ සැමරීමට තරම් නිදහසක් නොමැති බව BBC සිංහල සේවය සමග අදහස් දැක්වූ බොහෝ දෙනෙකු පැවසුහ.


