'පොලීසිය අපිව මරන්න හැදුවේ මෙහෙමයි '-අන්තරේ වසන්තගෙන් පොලීසියට චෝදනා පත්‍රයක්
පොලීසිය අවස්ථා කිහිපයකදී තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කළ බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (පෙබරවාරි 02) මාධ්‍ය හමුවක් කැඳවා කොළඹදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඒ සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සහ ඊට සම්භන්ධ වූ නිලධාරීන් ගැන ඔහු එහිදී සඳහන් කළේය. එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු එහිදී පැවසීය.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබාගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට එරෙහිව එල්ල කොට තිබු ත්‍රස්ත චෝදනා ඔප්පු කිරීමට පොලීසිය අසමත්වීම නිසා වසන්ත මුදලිගේ දින 167කට පසුව ඇප මත නිදහස ලැබීය.
