ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත ද?මැ.කො.ස සභාපති නීතීඥ නිමල් පුංචිහේවා කියන්නේ කුමක්ද?
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මතු කරන අවිනිශ්චිත තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල සේවය සමඟ අද (ජනවාරි 27) සංවාදයකට එක් වෙමින් අදහස් පළ කළේය .
සභාපතිවරයා අවධාරණය කළේ, සැලසුම් කළ පරිදි මාර්තු 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවය.
කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වු බවට මාධ්‍ය මගින් වාර්තා කර ඇතැත් මෙතෙක් තමන්ට නිල දැනුම් දීමක් කර නැතැයි ඔහු පැවසීය.
අලුතින් සම්මත කරගත් මැතිවරණ වියදම් හෙළිදරව් කිරීමේ නීතිය අනුව,පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුට, මැතිවරණ වියදම් ලෙස එක් කොට්ඨාසයක ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කර හැකි මුදල රුපියල් විස්සක් වන බවද සභාපතිවරයා කියා සිටියේය.
අභියෝගාත්මක වුවද, ආතතියකින් තොරව මැතිවරණ කටයුතු මෙහෙයවන බව කී ඔහු "කිසිම බාධවක් නැතෙයි කියන එක නෙවෙයි මම කියන්නේ, කොමිසම හැටියට මාර්තු 9 ඡන්දේ දෙන්න කොමිසමේ තියෙන ව්‍යවස්ථාපිත වගකීමත් එක්ක ඒ කටයුතු අපි ඉෂ්ට කරගෙන යනවයි කියලා" යනුවෙන් අවධාරණය කළේය.