ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව මැතිවරණ පනත : ''අපි බංකොලොත් රටක්. බංකොලොත් රටවල් ඡන්ද තියන්නේ නෑ.''
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (ජනවාරි 19) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 97ක් සහ එරෙහිව ඡන්ද 36ක් ලැබුණි.
පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක මෙම පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය පියවර ගැනීම ගැන විපක්ෂය දැඩි විරෝධය පළ කරන ලදී.
විපක්ෂය අවධාරණය කළේ පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා රජය ගන්නා උත්සාහයේ මෙය තවත් දිගුවක් බවය.
මෙය සම්මත වීමෙන් පසු දැනට ප්‍රකාශයට පත්කර ඇති ඡන්දය ද නව නීතියට අනුව පැවැත්විය යුතු බවට කිසිවෙකු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගතගොත් මැතිවරණ කොමිසම අපේක්ෂා කරන දිනයට ඡන්දය පැවැත්විය නොහැකි බව විපක්ෂය අවධාරණය කරන ලදී.
එමෙන්ම නව පනතට අදාළ රෙගුලාසි සකස් කිරීමට කල්ගත වෙන බැවින්,ඡන්දය කල් දැමීමේ අවදානමක් ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු අවධාරණය කළහ.
එම සැකය දුරු කිරීමට නම් ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණයට නව නීතිය අදාළ නොවන බවට පනත් කෙටුම්පතට සංශෝධනයක් එකතු කරන්නැයි විපක්ෂය ඉල්ලා සිටිය ද එවැනි සංශෝධනයක් ඊට ඇතුළත් නොවීය.