'නිදහස් පොංගල්': 'මාව බන්ධනාගාර ගත කළේ අවුරුදු 41 දී, නිදහස් වෙද්දී වයස අවුරුදු 63 යි.මට මගේ ජීවිතයේ ගොඩාක් දේවල් අහිමි වුණා'
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බලකරමින් “නිදහස් පොංගල්” නමින් පොංගල් උත්සවයක් පසුගියදා(ජනවාරි 13) යාපනය විශ්වවිද්‍යාලයේ දී සංවිධානය කර තිබුණි.
තෛපොංගල් දිනයේදී හෝ නිදහස් දිනයේදී දේශපාලන සිරකරුවන් සඳහා පොදු සමාවක් හෝ ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙහිදී වීදී නාට්‍යයක් ප්‍රදර්ශනය කළ අතර එය සංවිධානය කරන ලද්දේ 'The Voice of the Voiceless' සංවිධානය විසිනි.
මීට පෙර නිදහස ලැබූ කිලිනොච්චියේ සහ යාපනයේ හිටපු දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අයද මෙම අවස්ථාවට සහභාගි වූ අතර පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ දෙමළ ජාතක දේශපාලන සිරකරුවෙකු වන හින්දු පූජක රඝුපති ෂර්මා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ඔහු එහිදී අප වෙත කියා සිටියේ "මාව බන්ධනාගාර ගත කළේ අවුරුදු 41 දී, නිදහස් වෙද්දී වයස අවුරුදු 63 යි.මට මගේ ජීවිතයේ ගොඩාක් දේවල් අහිමි වුණා. මට කොළඹට එන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.යුද්ධය හේතුවෙන් අවතැන් වෙලා කොළඹට ආවා. ඒ වෙද්දී මගේ දරුවන් ගොඩාක් පොඩියි. එදා මගේ පවුලෙන් වෙන් වුණ මම තාමත් එයාලාව බලන්න ගියේ නැහැ.බන්ධනාගාරයේ ඉන්න මගේ අනෙකුත් සිරකරුවන් එයාලාගේ පවුලේ අය ළඟට යන දවසට තමා මම මගේ පවුලේ අය ළඟට යන්නේ" යනුවෙනි.