කොන්ඩම් මිලත් ඉහළට: අනවශ්‍ය ගැබ් ගැනීමේ බරත් කාන්තාවන්ටද?

ඡායාරූප මූලාශ්‍රය, John Slater
මෙරට ආර්ථික අර්බුදය හමුවේ මිල ඉහළ නොගිය භාණ්ඩයක් හෝ සේවාවක් සොයා ගැනීමට නොහැකි තරම්ය.
ආහාරපාන ඇඳුම් පැළඳුම්වල සිට සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ ගොසින්ය.
ආරක්ෂිත ලිංගික එක්වීමක් සඳහා අවශ්‍යවන කොන්ඩම් මිලද මේවන විට 100%කින් පමණ ඉහළ ගොස් ඇත.
අනාරක්ෂිත ලිංගික එක්වීමකදී භාවිත කරන ප්‍රතිසන්ධිරෝධක පෙති මිල ද කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය අනවශ්‍ය ගැබ් ගැනීම් ඉහළ යෑමට හේතුවී ඇතැයි විචාරකයින් පෙන්වා දෙයි. ඔවුන් කියා සිටියේ අවසානයේ එහි බරද කාන්තාවන්ටම දැරීමට සිදුවනු ඇති බවය.
2021 වසරේදී වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන් අනාවරණය කර තිබුණේ, කොවිඩ් වසංගත සමය තුළ උපත් පාලන සේවා කඩාකප්පල් වීම, අනපේක්ෂිත ගැබ්ගැනීම් මිලියන 1.4කට මග පාදා ඇති බවය.
ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සක්‍රීය ලෙස කටයුතු කරන ක්‍රියාකාරිනියක වන ග්‍රාස්රූටඩ් ට්‍රස්ට්හී (bakamoono.lk) පබා දේශප්‍රිය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ වසංගතය සමයේ අනවශ්‍ය ගැබ් ගැනීම් ඉහළ ගොස් තිබූ බවය.
ඇය සඳහන් කළේ, වසංගතයෙන් පසු ඇතිවු ආර්ථික අර්බුදයත් සමග ග්‍රාමීය මට්ටමේ , වෙළෙඳපොලේ කොන්ඩම් බෙදා හැරීමේ අඩුවක් ඇති බවය. "ප්‍රතිසන්ධිරෝධනය කියන්නේ අත්‍යාවශ්‍ය සේවවාක්. ඒක නැතිවුණාම අනවශ්‍ය ගැබ් ගැනීම් වාගේම ලිංගිකව සංප්‍රේෂණය වන ආසාදන වැඩි වෙන්න පුලුවන්." ඇය පැවසුවාය.
"හදිසි ගැබ් ගැනීම් වළක්වන පෙති වර්ග 7ක් විතර තිබ්බා 2020 වෙළෙඳපොලේ. දැන් ඒ වර්ග අඩු වෙලා තියෙනවා. මිලත් වැඩි වෙලා තියෙනවා." ඇය සඳහන් කළාය.
අනවශ්‍ය ගැබ් ගැනීම් වැඩි වෙලාද ?
"කොන්ඩම් නැති වෙන එක වගේම, ප්‍රතිසන්ධිරෝධක නැති වෙන එක අර්ථික අර්බුදය තුළ ස්ත්‍රීන් මුහුණ දෙන ගැටලුවක් හැටියට මම දකින්නේ. මොකද උපත්පාලනය, නැතිනම් අන්‍යශ්‍ය ගැබ් ගැනීම් ඇති වුණාම අපිට ගැබ් ගැනීම් අවසන් කරන්න නීතියෙන් ඉඩක් නැහැ. කරන්න පුලුවන් තැන්වල අතිශය වැඩි මිලක් ගෙවලා තමයි නීතිවිරෝධී විදිහට ගබ්සා සේවා ලබා ගන්න වෙන්නේ. අනිත් එක ඒ තැන් ගොඩක් අනාරක්ෂිතයි" පබා දේශප්‍රිය පැවසුවාය.
"ස්ත්‍රීන්ට තමයි බර කොහොමත් අපේ සමාජයේ පැටවෙන්නේ. ගැබ් ගත්ත දවසේ ඉදලා ජීවිත කාලෙම ඒකට යටවෙනවා. ස්ත්‍රීන් විශේෂයෙන් ඊට මුහුණ දෙනවා මේ ප්‍රතිසන්ධිරෝධක අඩු එක හරහා."
පබා දේශප්‍රිය පෙන්වා දුන්නේ "ෆාර්මසිවල ගණන් වැඩි වෙලා. හදිසි ගැබ් ගැනීම් වළක්වන පෙති මෙතෙක් තිබ්බේ රුපියල් 150කට විතර. හදිසි ගැබ් ගැනීමේ පෙත්ත මේවන විට රුපියල් 300- 500 ගාණක් වෙලා තියෙනවා. දෙගුණයකට වඩා වැඩි වෙලා තියෙනවා."
"ඒක උපත්පාලන ක්‍රමයක් හැටියට භාවිත කරන්න ඒපා කියලා නිරන්තරයෙන් උපදෙස් දුන්නට, අපේ අද තරුණ ප්‍රජාව අනාරක්ෂිතව ලිංගිකව හැසිරිලා මේ පෙත්ත තමා පාවිච්චි කරන්නේ. එතකොට මේකේ මිල වැඩි වීමත් දැඩි ලෙස බලපාන්න පුලුවන් අනවශ්‍ය ගැබ් ගැනීම්වලට තරුණ ප්‍රජාව අතර." යනුවෙනි.
"කොන්ඩම් කියන එක ගත්තමා ලොකු ලැජ්ජාවක් තියෙනවානේ සමාජයේ. අර ගන්න කෙනත් ගිහිල්ලා හොරෙන් ගන්නේ. ඒවගේ ගන්න අයටත් තියෙන අවස්ථාව අඩුවෙලා, ඉස්සර කොන්ඩම් 3ක් රුපියල් 50/=, දැන් 110 කොන්ඩම් 3ක්. නැත්නම් 200. සතුට, ප්‍රීති කියන ඒවා තමා මාර්කට් එකේ වැඩි පුරම තියෙන්නේ. ඒ වුණාට ග්‍රාමීය මට්ටමේ ගිහින් බැලුවාම ෆාමර්සිවල නැහැ කොන්ඩම් ගන්න. මං හිතන්නේ නිෂ්පාදනයේ වගේම බෙදා හැරීමේ ගැටලු තියෙන්න පුලුවන්."
"යම් කෙනෙක්ට අවශ්‍යතාව තියෙනවා නම් වෙබ් සයිට් හරහා ගෙන්වා ගන්න පුලුවන්. එතකොට කොන්ඩම් ගෙන්වා ගන්න පුලුවන් අවශ්‍ය ප්‍රමාණයට. අවශ්‍ය නම් ගෙදරට ගෙන්වා ගන්නත් පුලුවන්."
"අනාරක්ෂිත ලිංගික හැසිරීම් කරනවා නම් යම් කිසි උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්න. යම් කිසි සැකයක් තියෙනවානම්, වගකීම් සහගත දේ තමා පරීක්ෂා කර ගන්න එක. හැකි සෑම වෙලේකම උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්න. නැත්නම් අනව්‍ය ගැබ් ගැනීමක් ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදනයක් කියන්නේ අපිට ජීවත කාලයටම ඒකත් එක්ක ඉන්න වෙනවා. ජීවිත කාලයටම බලපෑමක් ලැබෙනවා. අපි බුද්ධිමත්ව තීරණයක් ගන්න ඕනේ. හදිසි ගැබ් ගැනීම් වළක්වන පෙති වර්ග 7ක් විතර තිබ්බා 2020 වෙළෙඳපොලේ. දැන් ඒ වර්ග අඩු වෙලා තියෙනවා. මිලත් වැඩි වෙලා තියෙනවා, ඉල්ලුම වැඩි වුණාම හිතූ හිතූ ගණන්වලට විකුණනන්න පුලුවන්." ඇය අනාවරණය කළාය.
සමලිංගික අයටත් දෙන්න...
පබා දේශප්‍රිය පෙන්වා දුන්නේ "අපේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙල ග්‍රාමීය මට්ටමේ ලොකේ තියෙන හොඳම වැඩ පිළිවෙලක්. කොන්ඩම් වැනි දෑ රජයේ වැඩසටහන හරහා ලබා දෙන්නේ, විවාහක ගැහුණු සහ පිරිමි අයට පමණයි නේ. විෂම ලිංගික අයම ඉලක්ක කරන්නේ නැතිව. සමලිංගික පිරිමි අය ඉන්නවා නම්, හඳුනා ගෙන ඔවුන් ලේබල් කරන්න ඕනේ නැහැ. විවෘත කරන්න පුලුවන් නම් ප්‍රවේශය, බිම් මට්ටමේ සෞඛ්‍ය වැඩ සටහන් ශක්තිමත් කරන්න පුලුවන්."
ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රාසාංජලි හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ ලිංගාශ්‍රිත රෝග සායන හරහා නොමිලේ කොන්ඩම් ලබා දීමට පියවර ගන්නා බවය.
"නොමිලේ කොන්ඩම් ලබා දෙනවා අපි සායන හරහා. අපේ සායන 42ක් තියෙනවා. කොන්ඩම් බහාලුම් ගහලා තියෙනවා. ප්‍රධාන නගරවල අවශ්‍ය අය අරන් යනවා. ගල්කිස්ස, නුගේගොඩ තියෙනවා. අපිට ගෝලීය අරමුදලෙන් හම්බ වෙනවා. අපි ඒ කොන්ඩම් නොමිලේ බෙදාදෙනවා."
කොන්ඩම් මිල වැඩිකිරීම පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුනේ "සල්ලි වලට ගන්න අයට බලපාන්න පුලුවන් මිල වැඩි කිරීම. ඒ නිසා ගන්න එක අඩු කරන්න පුලුවන්."
මෙරට ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙරට ලිංගික අධ්‍යාපනය ප්‍රමාණවත් නොවන බවය. "හොඳටම ප්‍රමාණවත් නැහැ. හොඳටම අඩුයි. ඒක විවෘතව කතා කරන්න ඕනේ. අවුරුදු 12 - 13 වෙනකොට ළමයින්ගේ ප්‍රජනන පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ගන්න කොට ලිංගික හෝමෝන ඇති වෙනවානේ ඇගේ. ඒගොල්ලන්ගේ කායික මානසික වෙනස් කම් ඇති වෙනවා ඒවවත් කියා දෙන්නේ නැහැ නේ. ඒ හින්දා හොඳමට මදි."
"ඒවා ගැන විවෘතව කතා කරන්න ඕනේ. ළමයිට තමන්ට ඇඟේ සිද්ධ වෙන්නෙ මොනවද. මොනවගේ හැඟීම්ද ඇති වෙන්නේ. ඒවා කොහොමද පාලනය කර ගන්නේ විවෘතව කතා කරන්නේ නැති නිසා තමා ළමයිට එවගේ ප්‍රශ්න ඇති වෙන්නේ."
ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රාසාංජලි හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ අනාරක්ෂිත ලිංගික අත්හදා බැලීම් ළමුන් අතර ආසාදන ඉහළ යෑමට හේතුවී ඇති බවයි.












