''කොළඹදී අත් දෙක කැපුවට ආත්ම විශ්වාසයත් අරගෙනයි මම ගමට ගියේ''
කොළඹ රැකියාවක් කරන අතරේ අධිබලැති විදුලි සැර වැදීම නිසා දෑත් කපා ඉවත් කිරීමට සිදු වුව ද ආත්ම විශ්වාසය රැගෙන යළි ගමට ගිය තමන්ට ජීවිතය ජය ගැනීමට හැකි වූ බව මැදවච්චිය, දුටුවැව පදිංචි පද්මසිරි කුමාරගේ පැවසුවේය.
එක් දරු පියෙකු වන ඔහු අක්කරයක වගා කටයුතු සිදු කරයි. එමෙන් ම ඔහු දුටුවැව 'සමාධි' ගොවි සංවිධානයේ සභාපතිවරයා ද වේ.
අහිමි වීම් ගැන කම්පා නොවී ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණ දෙන ලෙස තමන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඔහු BBC සිංහල සේවයට කියා සිටියේය.



