ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''මේක සාමකාමී උද්ඝෝෂණයක්. පොලීසිය කලින් කළා වගේ ගැටුමකට පෙරළන්න එපා.''
අරගලයේදී මියගිය අය සිහි කිරීමට සහ කොළඹ, ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයක් කිරීමට පිරිසක් සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය අද (නොවැම්බර් 09) ඊට බාධා කළේය.
උද්ඝෝෂණය කිරීමට පොලීසිය වෙනත් ස්ථානයක් පෙන්වීම නිසා උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.