දකුණු කොරියාවේ තෙරපීම : ගැබිනි බිරිඳ තනි කර ගිය ශ්‍රී ලාංකිකයා ගැන මිතුරන් BBCයට කතා කරයි
මොහමඩ් ජිනාත්, ඔක්තෝබර් 29 වන දා දකුණු කොරියාවේ ඉටැවන් නගරයේ සිදුවූ තෙරපීමෙන් මිය ගිය විදේශිකයින් 26 දෙනා අතරින් එක් අයෙකි.
2018 වසරේ සිට ඔහු දකුණු කොරියාවේ රැකියාවක නිරත වී සිටියේ, ශ්‍රී ලංකාවේ වෙසෙන සිය රෝගී මවට සහනයක් දීමටය.
ඔහු පසුගිය ගිම්හානයේදී විවාහ වූ අතර දැන් ඔහුගේ ගැබිනි බිරිඳ තනි වී සිටී.
බීබීසී කොරියානු සේවයේ ඩේවිඩ් ඕ සහ යුංජුං කිම් ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට යැවීමට සහය වූ මිතුරන් පිරිසකගෙන් අදහස් විමසූහ.
