ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුව නොවන ඖෂධ හිඟයට හේතුව සැලසුමක් නොමැතිකමද?
ඖෂධ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් සඳහා උග්‍ර ගැටලුවක් මතුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි. ආර්ථික අර්බුදයටත් වඩා නිසි සැලසුමක් නොමැතිකම මෙම අර්බුදයට හේතුවී ඇතැයි සෞඛ්‍ය කේෂත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති.
අත්‍යවශ්‍ය ඖෂධ 120ක් හිඟයි..!
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ මේවන විට අත්‍යවශ්‍ය ඖෂධ 120කට වඩා වැඩි ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට ඖෂධ සැපයීම් අංශය කඩා වැටී ඇති බවයි. රට පුරා රෝගීන්ගේ රෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ 40කට අධික සංඛ්‍යාවක් සිදු කළ නොහැකි තත්වයකට වෛද්‍ය පර්යේෂණ ආයතනය පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඔහු කියා සිටියේ සෞඛ්‍ය පහසුකම් සදහා ලැබී ඇති ණය සහ ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂම බව නිසා අපතේ යමින් ඇති බවයි. සෞඛ්‍ය අර්බුදයට හේතුව ආර්ථික ගැටලුවට වඩා අකාර්යක්ෂම බව සහ තාක්ෂණික මාෆියාවන්ට යට වීම බවද ඔහු සඳහන් කළේය.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇණහිට ඇතැයි කියන පරීක්ෂණ
1. PSA
2. TSH
3. T3
4. T4Antigen
6. Testesterone
7. Vitamin B12
8. Projesterone
9. Vitamin D
10. Cortizole
11. Tracloimas
13. VMA
14. Cyclosphorin
15. Metanephrin
16. Anti Cardio Tropanin
17. CMV IgG
18. CMV IgM
19. Mumps IgG
20. Rubella IgG
21. Hb A1C
22. Celluloplasmin
23. Electrolytes
24. BJ Protein
25. ANA
26. Varcella IgG PCR
27. EBV PCR
28. BKV PCR
29. Pavo IgM PCR
30. Pavo IgG PCR
31. Hepatitis A IgG
32 Hepatitis A IgM
33. Hepatitis C Ab
34. Hepatitis B Antibody Profile
35. Hepatitis Anitigen
36. Hepatitis Co Antigen
PSA පරීක්ෂණය - පුරස්ථි ග්‍රන්ථි විශේෂිත ප්‍රතිදේහජනක (PSA) යනු පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හඳුනා ගැනීමට උපකාර වන රුධිර පරීක්ෂණයකි.
TSH / T3 / T4 පරීක්ෂණ -ශරීරය තුළ තයිරොයිඩ් හෝමෝන නිපදවන තත්වයන් හදුනා ගැනේ. තයිරොයිඩ් රෝගය සඳහා ප්‍රතිකාර නිරීක්ෂණය කිරීම ද මෙම පරීක්ෂණ මගින් සිදුවන බැවින්, එක් වතාවක් පරීක්ෂාව නොකිරීම මගින් රෝගීන්ගේ දීර්ඝ කාලීන ප්‍රතිකාර අපතේ යා හැකිය.
VMA පරීක්ෂාව -වැනිලිල්මැන්ඩලික් අම්ලය (VMA) පරීක්ෂණය මූලික වශයෙන් භාවිතා කරනුයේ උදරයේ ස්කන්ධයක් ඇති ළමුන්ගේ නියුරොබ්ලාස්ටෝමා හෝ රෝගය පිළිබඳ වෙනත් රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ ඉවත් කිරීම සඳහාය. දරුවෙකුට නියුරොබ්ලාස්ටෝමාවක් ඇති බවට වෛද්‍යවරයකු සැක කරන විට හෝ එම හැකියාව බැහැර කිරීමට අවශ්‍ය වූ විට VMA පරීක්ෂණය ඉල්ලා සිටියි. මෙම පරීක්ෂාව පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීම සදහා රුපියල් 25000/-ක් පමණ වැයවේ.
Hepatitis පරීක්ෂණ -විවිධ අවශ්‍යතාවයන් සදහා පරීක්ෂණ වර්ග 10ක් පමණ මේ යටතේ සිදු කරණු ලබයි. කහ උණ රෝගය හඳුනා ගැනීමටත්, ඇතැම් රෝග කාරක සමාජය තුල පැතිරීම වැළැක්වීමටත්, රුධිර පාරවිලයනය, අභ්‍යන්තර අවයව බද්ධ කිරීම වැනි ශල්‍යකර්ම පෙර මෙම පරීක්ෂාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.
අර්බුදයට හේතුව කුමක්ද?
මෙම පරීක්ෂණ හා ඖෂධ හිඟයට අදාළ හේතුව ආර්ථික අර්බුදය හෝ මුදල් අහේනියම නොවන අතර නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ ක්‍රමවේදයන්ගේ පවතින අනවශ්‍ය සංකීර්ණ බව යැයි රවී කුමුදේශ් සඳහන් කළේය.
පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමු කිරීමේදී සහ ඖෂධ බාහිර වශයෙන් මිලදී ගැනීමේදී විශාල වාසි සලසා ගන්නා පාර්ශව විසින් අර්බුධය විකුණාගෙන කන තත්වයක් සෞඛ්‍ය සේවාව තුළ ඇතිව තිබෙන බවටද ඔහු චෝදනා කළේය.
මෙම තත්වය වැලැක්වීම සදහා නිසි මග පෙන්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොලැබෙන අතර, බොහෝ ඉහල නිලධාරීන්ද මෙම ක්‍රමයේම ඉත්තන් හෝ ගැත්තන් බවට පත්ව ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරති.
සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය ඖෂධ හා රසායනාගාර ප්‍රතික්‍රීයක මිලදී ගැනීම සදහා සදහා අධාර ලබා දීමට අසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB), ලෝක බැංකුව සහ ඉන්දියන් ණය ආධාර (Credit Line) හරහා මුදල් ලබා ගැනීමට හැකියාව පවතින අතර, චීනය වෙනම ආධාරයක් ද ලබා දී තිබේ. නමුත් උක්ත කිසිදු ආධාරයක් හෝ කාර්යක්ෂම ලෙස පරිහරණය කිරීමට අසමත් වීම, මෙම සෞඛ්‍ය අර්බුදයට අදාල ප්‍රධානතම හේතුව බව ඔවූහූ පෙන්වා දෙති.
බිම් මට්ටමේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පැමිණිලි, වෘත්තීය සමිති යෝජනා පසෙකලමින්, තමන්ට පෞද්ගලිකව ලැබෙන ලාභය උදෙසා වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පරිපාලන නිළධාරීන් දස පිරිසකට රජය විසින් තවත් සේවා දිගුවක්ද ලබා දී ඇතැයි රවී කුමුදේශ් සඳහන් කළේය.
ඉන්දීය ණය යටතේ ඇනවුම් කළ ඖෂධ ලැබීමත් ප්‍රමාදවෙයි..!
ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කළේය.
අමාත්‍යංශය පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් ඖෂධ වර්ග 1000 කට අධික සංඛ්‍යාවක් , මෙමගින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවයි.
මේ හේතුවෙන් ඖෂධ වර්ග රැසක පවතින හිඟය මඟ හැරවිම තවදුරටත් ප්‍රමාද වනු ඇත.ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ද ඩොලර් මිලියන 4 ක ඖෂධ හා උපකරණ මෙරටට ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ කුමක්ද?
රට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් වන විශේෂ කමිටුව දිනපතා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යාංශ නිලධාරීන් රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන මේ සඳහා සහභාගි වේ.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස අදාළ කමිටුව දෛනිකව රැස්විය යුතු බවට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.
එයට අමතරව වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු අදාළ ආයතන මෙන්ම රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනයන්හි පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනික වාර්තා ලබා ගැනීමටත් ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ සෑම දිනකම පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී රට තුළ පවතින ඖෂධ හා වෛද්‍ය උපකරණයන්හි අඩු වැඩි වීම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
නීති රීති සියල්ලට වඩා මිනිස් ජීවිත ප්‍රමුඛ වන බවත් එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මෙය මානුෂීය තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ඖෂධ ලබා ගැනීම සඳහා ඉන්දීය ණය සහනාධාර සහ ආසියානු ආයෝජන බැංකුව මෙන්ම අනිකුත් ක්ෂේත්‍ර කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඒ පිළිබඳව අන් කවරදාටත් වඩා කැපවී කටයුතු කළයුතු බව අමාත්‍යවරයා පැවසීය.
ජීවිතාරක්ෂක ඖෂධ,අත්‍යවශ්‍ය ඖෂධ හා අත්‍යවශ්‍ය නොවන ඖෂධයන්හි අඩු වැඩි වීම් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබා දෙන ලෙසත් , සෑම විටම ඉදිරි කාර්තු දෙක සඳහා අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
මේ අතර මේ වන විටත් ඖෂධ සම්බන්ධයෙන් වන විශේෂ කමිටුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සතියට කිහිප වරක් රැස් වන අතර එයට අමතරව අදාළ ආයතන සමඟ ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙන වෙනම සාකච්ඡා කිරීම සිදු කෙරේ.
ඉදිරි මාස කිහිපයේදී ඖෂධ වර්ග 231 ක් දිවයිනට
ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔක්තෝබර් 27 වැනිදා පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්දීය ණය ආධාර ,චීන මානුෂීය ආධාර, දේශීය නිෂ්පාදන, හදිසි මිලදීගැනීම්, ආසියානු ආයෝජන බැංකුවේ ණය සහනාධාර, රාජ්‍ය ඖෂධ සංස්ථාව ඇතුළු ක්‍රම ඔස්සේ මෙලෙස ඖෂධ ලැබීමට නියමිත බවය.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
විශේෂයෙන් ගෝස් ,පුළුන්, සේලයින් , dextrose ජලභීතිකා ඖෂධ, සර්ප විෂ සඳහා ලබාදෙන ඖෂධ, දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය නැවැත්වීමට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මේ වනවිට රට තුළ පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී .ආර් .කේ.හේරත් මෙහිදී පවසා තිබේ.
ඖෂධ සඳහා රජය මුදල් වැය කර තිබියදී ඖෂධ හිඟයක් ඇති නොවීමට කටයුතු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ බලධාරීන්ගේ වගකීමක් යැයි ද සැලසුම් සහිතව ඖෂධ හිඟයක් පිළිබඳව ඇතැමුන් ගෙන යන ප්‍රචාර පිළිබඳව සැළකිලිමත් නොවී ඖෂධ තත්ත්වය පිළිබඳව නිවැරදි හා සත්‍ය තොරතුරු දෛනිකව අධ්‍යනය කරමින් මහජනතාවට ඖෂධ අඩුපාඩුවකින් තොරව ලබා දීමට සෑම පියවරක්ම ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
විශේෂයෙන් පිළිකා රෝගීන්, ගර්භණී මව්වරුන් හෘද රෝගීන් ඇතුළු විශේෂ රෝගී තත්ත්වයන් පිළිබඳ වඩා සැලකිලිමත් වෙමින් එම ඖෂධ පිළිබඳ පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.
ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ පිළිබඳව ද වඩාත් අවධානය යොමු කළ යුතු බවත් විශේෂයෙන් වසරකට අවශ්‍ය ශල්‍ය උපකරණ පිළිබඳව පූර්ව ගණනයක් කර ඇණවුම් සිදු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.