22 වැනි ව්‍යවස්ථා සංශෝධනය : 'මිනිස්සුන්ගේ බඩ පුරවන වැඩක් මේ වෙලාවේ ඕනා'
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට අද (ඔක්තෝම්බර් 06) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව කථානායකවරයා පවසයි.
එය අද සහ හෙට විවාදයට ගැනීමට මීට පෙර තීරණය කර තිබුණි.
නමුත් එම කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම නිසා එම විවාදය කල් දැමීමට සිදු විය.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතාව විවිධ අදහස් පළ කරති.
ඇතැමුන්ගේ මතය වී තිබෙන්නේ මේ අවස්ථාවේදී කළ යුතු ප්‍රමුඛ කාර්ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජනතාවට කඩිනමින් සහන ලබා දිය යුතු බවයි. එමෙන්ම පවතින ව්‍යවස්ථාවට සංශෝධන එක් කිරීම නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම බවත් ඇතැම්හු පවසුහ.
