ආහාර අර්බුදය: නොමිලේ කෑම දෙන හෝටලයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ආහාර අර්බුදය ; 'ඕන වෙලාවක ඇවිත් මේ හෝටලයෙන් නොමිලේ කාල යන්න.''

ආර්ථික අපහසුතා ඇති ඕනෑම අයෙකුට නොමිලේ ආහාර ලබා දෙන ආපනශාලාවක් ගැන පිළියන්දල, මාවිත්තර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

එහි හිමිකරු පවසන්නේ තමන් ද ආර්ථික අපහසුතා වලින් පිඩා විඳින මුත් රටේ බඩු මිළ ඉහළ ගිය ද පාරිභෝගිකයන්ගෙන් ආහාර සඳහා අය කරන මිල ගණන් වැඩි නොකරන බවයි.

මේ සද් කාර්යය සඳහා පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම ආපන ශාලාවේ කාර්යය මණ්ඩලයෙන් ද ඉහළ සහයක් ලැබෙන බව ද ආපනශාලාවේ හිමිකරු වන තිලක් කුමාර පැවසුවේය.

මේ අතර පසුගියදා ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙන්ම, ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා සිටියේ කෘෂිකාර්මික නිෂ්පාදනය දුර්වල වීම, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිත භාවය නරක අතට හැරෙනු ඇති බවටයි.

ජනගහනයෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන අතර, හදිසි ආධාර ලබා නොදුනහොත් තත්ත්වය තවත් පිරිහීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන් අවධාරණය කළේය.

ඇස්තමේන්තු කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී සිටියි.